Four Poems by Ruwan Bandujeewa

First published in the Spring 2020 Issue of DoubleSpeak, University of Pennsylvania's literary translation journal 

Earthworms

“Dear father,
why don’t we attend
the Ploughing Festival?
Even the king is coming
to the field today.
Shouldn’t we break this silence
and announce
it is us
who manured this soil
from within the bowels of the earth?”

Read the full poem on DoubleSpeak

A Joy—A Bliss

Rather than joining in creating
yet another scarecrow

Read the full poem on  DoubleSpeak

Canal

The canal, dressed all fine and dandy
glides across the paddies


Read the full poem on  DoubleSpeak

A Tree to its Flowers

Upon counting
the remaining buds
awaiting to blossom,
a tree said
to its flowers


Read the full poem on  DoubleSpeak

ගැඩවිල්ලු

“පියතුමනි
කිමද අප නොයන්නේ 
වප් මගුල් උළෙලට 
රජතුමාත් ඒවි අද කුඹුරට 
හැරපියා මේ මුනිවත 
කියා පෑ යුතු නොවෙද ඔබ ඔවුනට
අප විසින් 
සාරවත් කල බැව් මේ පස 
පොළෝ කුහරය තුල සැඟව හිඳ”

“කුඩා ගැඩවිල් පුත
උදලු තලයකට පුරුද්දක් නැත 
හඳුනගෙන
පස සරු කල සහ නොකල උන්ගේ වත 
තව තවත් හාරගෙන
අඳුරු මඩ තුළ ගිලී යනු මිස 
ඉහල එළිමහන වෙත 
යෑම නුසුදුසුය පුත.”

සැපකිසතුටකි

තවත් එක් පඹයෙක් හදන්නට
ගිහින් එක්කහු වෙනව වෙනුවට 
උපන් කමතට පොහොර වෙන එක 
සැපකි—සතුටකි පිදුරු ගසකට

ඇළ

ඇළ හොඳින් හැඳ පැළඳ 
ඇවිද යයි කුඹුරු මැද 

වැව අරෙහෙ නිදි නැතිව 
මේ ඇඳුම මහපු බව 
කිසිම වී කරලකට 
ඇළ කියා නැත තවම

ගසක් තම මල් අමතා කී කවිය

ගණන් කර බැලූ විට 
තවත් මල් කීපයක් 
පිපෙන්නට නියමිතව 
ඉතිරි වී ඇති බැවින් 
​
කැමැත්තෙන් පර වෙන්න 
කැමති මල් සිටී නම් 
සුළඟ එන්නට කලින් 
වරක් අත් ඔසවන්න